අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ විජයාභිමානී ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    නොවැම්බර් 25, 2017

     රටක වටිනාකම් ඇගයීමේදී අපේ දේ රැුක ගනිමින් ඊට වටිනාකමක් ලබාදෙන අතරම, එයට පිටස්තර අයගෙන් ද වටිනාකම් හිමිවන අයුරින් පසුබිම සකස් කිරීම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වයඹ පළාතේ ව්‍යවසායකයින්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන ,වයඹ විජයාභිමානී, ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙලට   (24) පස්වරුවේ කුරුණෑගල පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී එක් වෙමිනි.

    සරුංගලය පවා පිටරටින් ආනයනය කරන තත්ත්වයක් තුළ අපේ දේ රැුක ගැනීම මෙන්ම ඊට වටිනාකමක් ලබාදීම පිළිබ`ද අද අප සිටින තත්ත්වය සියලූදෙනාගේ අවධානයට යොමු විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් අහිමි වන්නේ දේශීය කර්මාන්ත පමණක් නොව රටේ දරුවන්ගේ නිර්මාණශිලිත්වය හා හැකියාවන් බව ද කියා සිටියේය.
    රටේ පෞද්ගලික අංශයේ රැුකියා නියුක්තිකයින්ගෙන් සියයට 70 ක් පමණ වූ සු`ථ හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු පිරිස් දිරි ගන්වමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය ප‍්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරමින් සිටින අතර මෙවර අය වැය තුළින් ද ඔවුන් වෙනුවෙන් විශේෂ සහන මෙන්ම ණය යෝජනා ක‍්‍රමයක් හ`දුන්වාදීමට කටයුතු කළ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    විදේශීය වත්කම් පිළිබ`ද අවධානය යොමු කිරීමේදී අප ඉතා පහළ මට්ටමක සිටින අතර, රටක සංවර්ධනය මනින ප‍්‍රධාන මිණුම් දණ්ඩක් වන විදේශ වත්කම් දැනට වඩා ශක්තිමත් කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කි‍්‍රයාශිලිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    විදේශීය ආයෝජන රටට ගෙන ඒමේදී රටේ ස්වාධීනත්වය මෙන්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂාවන අයුරින් එම කටයුතු සිදුකිරීමට රජය කැපවි සිටින බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය.

    වයඹ පළාතේ ආර්ථිකයට ඝෘජුව දායකවන ව්‍යවසායකයින් විධිමත් ඇගයීමකට ලක්කිරීම සහ ඔවුන් දිරිමත් කිරීමේ අරමුණ පෙරදැරිව වයඹ පළාත් සභාවේ මගපෙන්වීමෙන් වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මෙම සම්මාන උළෙල සංවිධානය කරයි. පළාතේ සිටින ව්‍යවසායකයින් ඇගයීමට ලක්කිරීම, පළාතේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාගැනීම ස`දහා ඔවුන් දිරිමත් කිරීම, ව්‍යවසායකයින් ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටයින් බවට පත් කිරීම ස`දහා පෙළඹවීම යන අරමුණු ඔස්සේ කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර හා සංචාරක ක්ෂේත‍්‍ර ආවරණය කරමින් මෙම සම්මාන පිරිනැමේ.

    අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, රිෂාඞ් බදුර්දීන්, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ අතර කුරුණෑගල තිත්තවැල්ල වැවේ සංවර්ධන කටයුතු ද අද (24* පස්වරුවේ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. වැවේ පාසි ඉවත් කිරීමේ කටයුතු මෙහිදී ජනධිපතිතුමා නිරීක්ෂණය කළ අතර වයඹ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශී‍්‍ර ලංකා නාවික හමුදාව හා එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

    දැනට අක්කර 48ක පමණ පාසි ඉවත්කිරීම සිදු කර තිබෙන අතර ප‍්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය සැපයීම පමණක් නොව අවට ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා සංචාරක කලාපයක් බවට පත් කර ආදායමක් ඉපයීම ද අපේක්ෂා කෙරේ.

    අද පස්වරුවේ වැව් පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ප‍්‍රදේශවාසී ජනතාව විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya