මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ සිව් මහල් ගොඩනැගිල්ලට ජනපති අතින් මුල් ගල් තැබේ

    නොවැම්බර් 25, 2017
    “ළගම පාසල” හොඳම පාසල, වැඩසටහන යටතේ නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක වියදමින් ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්   (24) පෙරවරුවේ සිදු විය. 
     
    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස රැදී සිටිමින් ඉතා උණුසුම් ප්‍රතිචාර පළ කළහ.
     
    විද්‍යාලයේ පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් බී.එම්. තියුමි තසංගා සිසුවියට සහ බී.එම්. අමන්ද බස්නායක සිසුවාට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර, නිකවැරටිය එජාප සංවිධායක එච්.පී. තෙන්නකෝන්, වයඹ පළාත් සභා මන්ත්‍රී නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya