අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිංතොට සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලයි Featured

    නොවැම්බර් 19, 2017

    ගිංතොට ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ තත්ත්වය මේ වනවිට සම්පුර්ණයෙන්ම පහව ගොස් තිබුනද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වාගෙන යාමට රජය තීරණයකර තිබේ.

    එම ආරක්ෂාව තවදුරටත් ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත දැනුම් දී ඇත. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් අද (19) ගිංතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාට පැවසූ අතර එම වාර්තාව හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ද  අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළේය.

    කෙසේ වෙතත් තමා නැවත දැනුම්දෙනතුරු ගින්තොට ප්‍රදේශයේ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළයුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

    එසේම තවදුරටත් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර ගෙනයන්නන් සිටී නම් එය වහාම නතර කරන ලෙසත් සමාජ මාධ්‍යවල පැතිරෙන අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ පිඩාවට පත්වූවන්ගේ පැමිණිලි සටහන් කරගැනීමට පොලිසිය අදාළ ස්ථානවලට පැමිණෙන බැවින් පොලිස් ස්ථානවෙත යායුතු නොවන බවය.

    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතුලු පිරිසක් ඊයේ (18) රාත්‍රියේද අදාළ ප්‍රදේශවල සංචාරයක නිරත වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya