අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 දා නිකුත් කෙරේ

    නොවැම්බර් 17, 2017

    පළාත්පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 වැනි දින නිකුත් කිරීමට මැතිවරණ කොමිසම අද (17) තීරණය කෙළේය.

    මැතිවරණ දැන්වීම නිකුත් කොට දින 14කින් පසු නාමයෝජනා කැඳවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

     

    නොවැම්බර් 27 දා සිට දින 17 ක් ගත වූ පසු නාමයෝජනා බාර ගැනීම අවසන් කෙරෙනු ඇත.

     

    නාමයෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරීන්ට හෝ එක් එක් පළාත්පාලන ආයතනවල දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිළධාරීන් වෙත නිකුත් කෙරෙන අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (17) දිනයේ දී නිකුත් කරන බව ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya