අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ආවා” කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ - ඇමති සාගල

    නොවැම්බර් 17, 2017

    උතුරු පළාතේ ක්‍රියාත්මක  “ආවා” නැමති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    උතුරු පළාතේ ක්‍රියාත්මක “ආවා” නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වූ බවත් ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වූ නමුත් ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවීමට ඉඩ නොදෙන බව අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.


    පහුගිය දින 02 ඇතුලත මීට අදාළ සිද්ධි 08 ක් වාර්තා වූ අතර ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ලයන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට අරන් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතිරි සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට මේ වෙනකොට විශේෂ විමර්ශන සිදුකරන බව ද සඳහන් කළේය.

    ඒ විමර්ශන කටයුතු  කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය නිසා මේ වෙනවිට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර තිබෙන බවත් යාපනයේ  පමණක් නොව දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය මේවන විටත් ආරම්භ කර අවසන් බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.


    විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ප්‍රධානින් සැඟවී සිටින ස්ථාන පවා මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීම දැන් සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya