එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදු කර ඇත්තේ මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳයාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදීය.
ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ප්රජාතන්ත්රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව ප්රජාතන්ත්රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිළිව තේරුම් ගත හැකිය. ජතාවිදී වැසිකිලි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසුචි ප්‍රකාශවලට පිළිතුරු ලබානොදිය යුතු තරම්ය. නමුත් මල මීනි මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි ප්රජාතන්ත්රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිවයුතුමය.
ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණු සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මග ව්‍යාපාරය ආරම්භ කළ මුල්දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය "රටට විපත්මග" කැඳවන්නට දරණ උත්සාහයක් බවය. එය ශවුන් විසින් ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.
සුදුවෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යළි යළිත් හෙළිදරව් වෙමින් ඇත.
කමල් ගුණරත්න නැමැත්තා සිය නන්දිකඩාල් නම් කෘතිය මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්රහාරයන් හා දේපළ කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවා දුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවාදුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු ආශාවන් සන්තර්පනය කරගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකේය සේවකයෙකුගේ අභිරහස් මරණයක් පිළිබඳ ඔහුට එරෙහිව පරීක්ෂණ තවම විභාග වෙමින් ඇත.
මේ මොහොතේ සිය හාමුපුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් ගෙන එන "යුධ අපරාධ චෝදනාවලට" තර්කානුකූල පසුබිමක් සැකසීමක් නොවේද?
ජාතිවාදී සාහසිකයෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නැමැත්තාද "නව ව්‍යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු" බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.
ජාතිවාදී තක්කඩිකම් සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද "ව්‍යවස්ථා සම්මත කරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු" බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88 - 89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම් රටට හෙළිදරව් කරමිනි.
රාජ්‍ය බලය නොමැති ව සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්‍රකාශ කළ හැකි නම්, රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධ ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම තත්ත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්ෂ, ප්රජාතන්ත්රවාදයට ලැදී බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවත අවදානමක අනතුරක් මතු කරයි.
කැලය මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු නොවන බව සිහිගන්වමින් මේ සහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත. සුදු වෑන්වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.
මේ රටේ හැටදෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබූවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබාදිය යුතු නැත.
ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිඳාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැගීමේ කාර්ය වියරු බලලෝභී කිසිඳු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වු මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.