සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ උරුගුවේ මොන්ටිවීඩියෝ අගනුවර දී පැවැත්වෙන බෝනොවන රෝග මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ උරුගුවේ ජනාධිපතිවරයා සංවිධානය කළ බෝනොවන රෝග මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණය උරුගුවේ මොන්ටිවීඩියෝ අගනුවර දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනොම් ගේබ්රියසස් (Tedros Adhanom Ghebreyesus) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විවිධ රටවල් නියෝජනය කරමින් ජනාධිපතිවරුන් 05 දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු එම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්මන්ත්‍රණයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගි විය.
සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින්, බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කතාව ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පිළිගැනීමට ලක් කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවත් විශේෂයෙන්ම පශ්චාත් සුනාම් සමයේ දී මානසික සෞඛ්‍ය නංවාලීම සඳහා ගත් ක්‍රියාමාර්ග හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වාදිය හැකි යැයි ද මානසික සෞඛ්‍ය පිළිබඳ ව සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ද ලබාදී තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නේය.
එමෙන් ම සෑම දිස්ත්‍රික්කයක ම මානසික වෛද්‍ය උපදේශකවරුන් පත් කිරීමට ද පියවර ගෙන තිබෙන අතර ම මානසික සෞඛ්‍ය සඳහා වන වෛද්‍ය නිලධාරී තනතුරක් නිර්මාණය කිරීම සැළකිය යුතු වර්ධනයක් බවත් මේ වනවිට එවැනි නිලධාරීන් 252 ක් දිවයින පුරා සේවය කරන බවත් ප්‍රකාශ කළේය.
ප්‍රථම වරට 2015 වසරේ දී මධ්‍යම රජය අයවැයෙන් මානසික සෞඛ්‍ය උදෙසා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනු ලැබු අතර ම එය අඛණ්ඩව ලබාදීම රජයේ අරමුණ බව පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සංවර්ධනය කර ඇති අතර රෝගී සත්කාරක සේවාව ද විධිමත් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.