"Forestry in a New Landscape" යන තේමාව යටතේ ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණු අතර, එය 27 වනදා දක්වා පැවැත්වේ.
ආසියා ශාන්තිකර වනාන්තර පිළිබද කොමිසමෙහි සාමාජික රටවල් 34 ක නියෝජිතයින් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනවල නියෝජිතයින් 300 ක පමණ පිරිසක් මෙම සැසියට එක්ව සිටී.
අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වනාන්තර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හිරෝටෝ මිට්සුගී, ජාත්‍යන්තර කෘෂි වන වගා පර්යේෂණ පිළිබද කවුන්සිලයේ සභාපති ටෝනි සයිමන් යන මහත්වරුන් ඇතුථ විදෙස් නියෝජිතයින් ද වන සංරක්ෂණ ජනරාල් එස්.ඒ. අනුර සතුරුසිංහ මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )