මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ගුවන් සමුළුව අද සහ හෙට

    ඔක්තෝබර් 12, 2017

    කොළඹ ගුවන් සමුළුව, ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටලු සහ ආරක්‍ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප‍්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුව අද (12) සහ හෙට (13) දෙදින රත්මලානේදී පැවැත් වේ.

    කොළඹ ගුවන් සමුළුව 2017  “Airpower in Addressing Asymmetric Threats”යන්න තේමා කොට ගෙන මෙවර පවත්වනු ලබයි.

    හමුදා ප‍්‍රධානීන්, තාක්‍ෂණික විශේෂඥයින්, ගෝලීය ප‍්‍රතිපත්ති ආයතන, ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, අනාගතය විසින් පනවන පොදු අභියෝගයන් විසඳීම සඳහා ඒකාබද්ධ ගෝලීය ගුවන් බලය ගොඩනැගීම වෙනුවෙන් මෙම අවස්ථාවට එක්වනු ඇත.

    ශ‍්‍රී ලාංකික ගුවනෙහි රැකවලා වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකාවේ දහස් ගණනක් ජීවිත මෙන්ම බිලියන ගනනක් වූ ජාතික ධනය අහිමි කල දශක තුනක මුල් බැසගත් කුරිරු ත‍්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමෙහිලා සුවිශාල දායකත්වයක් දැක්වූ හමුදාවකි. වර්ථමාන ශ‍්‍රී ලංකාව ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ස්ථාපිත කිරීම වෙත ගමන් කරමින් සිටියි. දේශය වෙත සාමය සහ ස්ථාවරත්වය උදාකරලීම වෙනුවෙන් සටන් වැදුනු ප‍්‍රවීණයන් අද වන විට ආරක්‍ෂාව පිළිබඳ ජාතික අපේක්‍ෂාවන් සහ සංවර්ධන කාර්යයන් වෙත ගුවන් හමදාව මෙහෙයවනු ලබයි. මෙම අඛන්ඩ මෙහෙයුමේ අත්දැකීම්, සම්පත්, පරීක්‍ෂණ සහ ආයතනික ව්‍යුහයන්, දේශයට යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ තීරණාත්මක අංගයක් බවට පත්වී තිබේ.  


    ශ‍්‍රී ලංකා ගුවන් හමදාවේ නිරවද්‍යතාවය සහ කාර්යක්‍ෂමතාවය, ගුවන් බලය වර්ධනය වෙමින් පැවති ත‍්‍රස්ථවාදයට එරෙහිව ගුවන් බලය යොදවමින් පරාජය කිරීමට හොඳම නිදසුනකි. ගෝලීය ප‍්‍රජාව විසින් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ දරන අතර, ගෝලීය ත‍්‍රස්ථවාදය අනෙකුත් ත‍්‍රස්ථ සංවිධාන සහ වංචාකරුවන්, කුලී ඝාතකයන්, පරිගණක හැකර්වරුන්, නිතිවිරෝධී ප‍්‍රවාහකයින්, මිනිස් ජාවාරම්කරුවන්, මුදල් වංචාකරුවන් සහ දිනෙන් දින පුළුල් ජාලයක්ව ගොඩනැගෙන ත‍්‍රස්තවාදී කණ්ඩායම් වැනි නීතිවිරෝධී සංවිධාන සමග සමීප සබඳතාවක් පවතී. සාම්ප‍්‍රදායික මුහුණට මුහුණලා කරනු ලබන සටන් වෙනුවට සත්‍ය වශයෙන්ම සොයා ගැනීමට හෝ විනාශ කිරීමට දුෂ්කර උසස් තාක්‍ෂණික සහ අසමමිතික තර්ජනයන්ට ලෝකය මුහුණ දෙමින් සිටියි. ත‍්‍රස්තවාදය ගෝලීය තර්ජනයක් වන අතර එය ඉතා වේගවත් ආකාරයකින් එහි ස්වභාවය සහ ස්වරූපය වෙනස් කරනු ලබයි.

    ත‍්‍රස්දවාදය හැරුණුකොට, අද ලෝකය දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත් වල ප‍්‍රබල අභියෝග රාශියකට මුහුණ දී තිබේ. ස්වභාව දහම කිසි විටෙකත් තම සීමා මායිම් සපථ කිරීමේදී ජාතීන් අනුව හෝ දේශපාලනික අවශ්‍යතාවයන් අනුව හෝ රාජ්‍යයන් ලෙස වර්ගීකරණය කොට නොසලකන නිසාවෙන් ස්වභාවික උවදුරු සඳහා මුහුණු දීමට ගෝලීය යාන්ත‍්‍රණයක අවශ්‍යතාව මතුවී ඇත. සංකීර්ණ ප‍්‍රථිපල සහිත මහා පරිමාණ ස්වභාවික ව්‍යසනයන් සමග කටයුතු කිරීමේදී විවධ ප‍්‍රවේශයන් අවශ්‍ය වේ. ගෝලීය අභියෝගයන්ට මුහුණුදීම සඳහා ගුවන් බලය නිසිලෙස ඒකාබද්ධ කිරීම ලොව පුරා රාජ්‍යයන් මත එළැඹ ඇති ප‍්‍රධාන අභියෝගයක් වේ. මන්ද යත්, ගුවන් බලය යනු සහන සැපයීමේ විසඳුමක් කරා ගමන් කිරීමට ලැබෙන ඉතා කඩිනම් මාර්ගයක් වන නිසාවෙනි.

    ලෝක ගුවන් බලයේ වඩාත් පුළුල් ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම සහ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම, සහ නියෝජනය කරනු ලබන ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කොට ගෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ ගුවන් සමුළුව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya