මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටහේන අලුත් මාවතේ කොටසක් වැසෙයි

    ඔක්තෝබර් 06, 2017
    කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා කොටස ජල නල එලීමේ කටයුත්තක් හේතුවෙන් අද (06)  සිට 09දා දක්වා රාත්‍රී 09.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය සීමා කෙරේ.
     
    එබැවින් එම මාර්ගයේ භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට ඒ සඳහා වන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.
     
    පිටකොටුව කොච්චිකඩේ දෙස සිට පැමිණෙන රථ වාහන හෙට්ටියාවත්ත හංදියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ ගමන් කර බ්ලුමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැක.
     
    මට්ටකුලිය දෙස සිට පැමිණෙන රථ වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ සෙන් ජේම්ස් මාවතෙන් බෝධිය හන්දියට ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර්. ද සිල්වා මාවත හන්දියට පැමිණ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හන්දියට ගමන්කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya