මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැසිෆික් ගුවන් ප්‍රවාහන රැළියක්

    සැප්තැම්බර් 16, 2017

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සත්කාරකත්වයෙන් පැසිෆික් ගුවන් ප්‍රවාහන රැළිය  කටුනායක මූලික කඳවුර හා අම්පාර ගුවන් හමුදා කඳවුරු මූලික කර ගනිමින් පසුගිය දා පැවති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කරයි.

    ගුවන් ප්‍රවාහනයන්හි අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමත් මානුෂිය ආධාර සහ හදිසි ආපදා සහන මෙහෙයුම් කෙරෙහි දැඩි අවදානම යොමු කිරීම තුළින් ඉන්දු - ආසියා - පැසිෆික් කලාපයේ ජාතීන් අතර සහයෝගිතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් ප්‍රවාහන රැළිය පැවැත්වේ.

    මෙම ප්‍රවාහන රැලිය වසර දෙකකට වරක් සංවිධානය කර ඇති අතර  මේ වන විට අභ්‍යාස 17ක් සිදු කර ඇත. මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සත්කාරකත්වය දක්වන දෙවන අවස්ථාව මෙය විය.

    මෙහිදී ආපදා කටයුතු සඳහා පියාසර පුහුණු අභ්‍යාස, පැරිෂුට් පැනීම්, පැරිෂුට් භටයින් විසින් භාණ්ඩ පැරිෂුට් මඟින් පතිත කිරීම වැනි සුවිශේෂි අභ්‍යාසයන් විශාල ප්‍රමාණයක් සිදු කරනු ලබයි.

    එක්සත් ජනපද ශාන්තිකර විධානයේ ගුවන් යානා ඒකකය වන ෆැසිපික් ගුවන් හමුදා ඒකකය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පැසිෆික් කලාපයේ ගුවන් හමුදාවන් සත්කාරක රටක් ලෙස තෝරාගෙන සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya