අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් ඇරඹේ

    අගෝස්තු 09, 2017

    චීන රජයේ ආධාර යටතේ කොළඹ ජාතික රෝහලේ ඉදිකිරීමට යෝජිත බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලී සියැන් යැං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ආරම්භ විය.

    මෙහි ඉදිකිරීම් කටයුතු වසර 2020 වනවිට අවසන් කිරිමට නියමිතය. නවීන තාක්ෂණයෙන් යුත් බාහිර රෝගී අංශයක් මෙහි ඉදිකෙරන අතර, එය මහල් 22 කින් යුක්ත වෙයි.

    මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම සිදු කර තිබෙන අතර  චීන රජය ඉදිකිරීම් කඩිනමින් සිදු කිරීමට භාරගත් බවත්  චීන ආධාර යටතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සිදු කර තිබෙන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ චීන රජයේ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya