නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල ජනපති අතින් ජනතා අයිතියට පැවරේ Featured

    ජූලි 21, 2017

    සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (20) පෙරවරුවේ පැවැත්විණි.

    සංවර්ධනය කරන ලද රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමට ද එක් විය.

    සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ඉලෙක්ට්‍රෝනික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර සංවර්ධනය කරන ලද රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව, එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මොහාන් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, ජපානයේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ප‍්‍රතිසංස්කරණය කරන ලද ගල්ගමුව මූලික රෝහල විවෘත කළ අවස්ථාවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
    (2017-07-20)

     

    සති දෙකක් ඇතුළත ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට දෙවතාවක් පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. ගිය සතියෙහි මම ගල්ගමුවට පැමිණ ජාත්‍යන්තර වාරී මාර්ග කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය විවෘත කළා. අද තමුන්නාන්සේලා සමග මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන පුළුල් ජාතික වැඩපිළිවෙළක තවත් එක් පියවරක් වශයෙන් මේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබුවා. මේ නව රෝහල් ගොඩනැගිල්ලට රුපියල් මිලියන නවසියකට වැඩි මුදලක් වැයවී තිබෙනවා. එය අති විශාල මුදලක් බව ඔබ දන්නවා. මෙයින් 2/3 ක මුදලක් ජපන් රටේ ජෛයිකා ආයතනය අපිට ණයක් වශයෙන් ලබාදී තිබෙනවා. ඉතිරි මුදල් මේ රටේ ජනතාව උපයන මුදල්වලින් වැය කර තිබෙනවා.

    සෞඛ්‍ය ඇමතිතුමා පැහැදිලි කළ ආකාරයට මෙවැනි රෝහල් හතරක අපි වැඩ ආරම්භ කළා. අනෙක් රෝහල් තුනම මීට පෙර විවෘත කළා. මේ රෝහල විවෘත කිරීමට වරින් වර යොදා ගැනුණත් එය අවලංගු වුණා. ඊට හේතු තිබුණා. රෝහලට අවශ්‍ය ජලය පිළිබඳව ප‍්‍රශ්නයක් තිබුණා. ඒ නිසා විවෘත කිරීමේ කටයුතු ප‍්‍රමාද වුණා.

    මේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉතා හොඳින් සේවය කරන වෛද්‍ය, හෙදි කාර්යය මණ්ඩලයත් සමග ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න තවත් වැදගත් පියවරක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. ගල්ගමුව කුරුණෑගල ප‍්‍රදේශය ගත්විට මේ දිනවල තිබෙන දැඩි නියඟය මේ ප‍්‍රදේශයේ ගොවි ජනතාව කන්න තුනක් ජලය නොමැතිව දැඩි ආර්ථික සහ පාරිසරික පීඩනයකින් ජීවත් වෙනවා. අපේ රටේ දේශගුණයේ සහ කාලගුණයේ පුදුමය වන්නේ, අපේ හාමුදුරුවනේ මම ඊයේ පානදුරේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගි වුණා. ඒ උත්සවය කරගන්න බැරි තරමට අධික වර්ෂාවක් තිබුණා. අපි උත්සවයේ සමහර වැඩසටහන් අවලංගු කළා. පානදුරේ එහෙමයි. ගල්ගමුවේ මෙහෙමයි. මෙයයි කාලගුණික දේශගුණික තත්ත්වය.
    අපේ රටේ භූමි ප‍්‍රදේශයේ 2/3 ක ප‍්‍රමාණයක දැඩි නියඟයක් තිබෙනවා. මේ නියඟ තත්ත්වය අපිට විතරක් නොවේ. මේ කලාපය තුළ තිබෙන අනෙක් රටවල්වලත් මෙයයි තත්ත්වය. දකුණු ඉන්දියාවේ කෝටි ගානක ජනතාවට බීමට ජලය නැහැ. අධික වියළි කාලගුණයක් තිබෙන්නේ. කලාපයේ අනෙක් රටවල් ගත්විට ඒ රටවල්වලත් කාලගුණය සහ දේශගුණය, ආහාර නිෂ්පාදනය, භාණ්ඩ මිල, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ තොරතුරු ගන්නවා. සංඛ්‍යා ලේඛන ලබා ගන්නවා. රටවල් ගණනාවක තත්ත්වය වන්නේ එක් පැත්තක ගං වතුර අනෙක් පැත්තේ නියඟය. දෙපැත්තෙන්ම ආපදා තත්ත්වයක් තිබෙනවා. මේ පසුබිම් තුළයි අපි වගේම අනෙක් රටවල්වලත් මේ කාල පරිච්ඡේදය තුළ සංවර්ධන කටයුතු කෙරෙන්නේ.

    නමුත් රජයේ සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී කාලගුණික දේශගුණික තත්ත්වයන් තුළ බලපාන්නා වූ කාර්යයන් යම් යම් අතපසුවීම් ඇති වුණත් ඉන් බාහිරව කරන්නාවූ සියලු කාර්යයන් ඉලක්ක සහගතව අපි ඉටු කරනවා. නියඟය නිසා 50% ක් පමණ අපේ සහල් නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. මේ ප‍්‍රදේශවල කන්න තුනක් වැඩ කළේ නැහැ. පොළොන්නරුව, අනුරාධපුර, උතුර, නැගෙනහිර ප‍්‍රදේශ ගත්විට කන්න දෙකකින් ජලය නැහැ. පොළොන්නරු දිස්ත‍්‍රික්කය ගත්විට මහ ගොවි ජනපද ව්‍යාපාර දෙකක් සම්පූර්ණයෙන්ම වැඩ කරලා නැහැ. අනෙක් ගොවි ජනපද ව්‍යාපාරවල 50% ක් කුඹුරුවල වැඩ කොට තිබෙනවා. මේ නිසා 50% ක සහල් නිෂ්පාදනයේ පසුබෑමක් තිබෙනවා කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසා. ඒ අනුව වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. නිය`ග තත්ත්වය තුළ එළව`එ මිල ඉහළ ගොස් තිබෙනවා. ජීවන මිල ඉහළ යාම අපිට පාලනය කළ නොහැකි ස්වාභාවිකව බලපාන්නාවූ මේ තත්ත්වයන් රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට දැඩි බලපෑමක් සිදු කොට තිබෙනවා.

    අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වයන්ගෙන් ජනතාවට ඇතිවන පීඩාවන් හැකි පමණ අවම කිරීම ස`දහා පිටරටින් ගෙන්වා අවශ්‍ය සහල් ඇතු`එ අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමයි. මම ඊයේ සාකච්ඡුා කළා මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් ආයතන සමග, අපි මියන්මාර් වලින් බුරුමයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක් පමණ ගේනවා. පකිස්ථානයෙන් ගේනවා. තායිලන්තයෙන් ඇණවුම් කර තිබෙනවා. සහල් අඩුව නිසා ජනතාව කුසගින්නේ තබන්නේ නැතුව විශේෂයෙන්ම මිලෙහි පාලනයක් ඇති කරගෙන අපට කළ හැකි උපරීම මට්ටමෙන් ඒ සේවාව කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මෙවැනි කාලගුණික දේශගුණික තත්ත්වයන්වලදී ආහාර මිල, භාණ්ඩ මිල ඉහළ යාම පමණක් නොව රටේ එක් පැත්තක නිය`ගයත් තවත් පැත්තක ගං වතුරත් මෙම තත්ත්වයන් සැලකිල්ලට ගත්විට ආපදා තත්ත්වයන් වගේම කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් තුළ අනෙකුත් ලෙඩ රෝග බරපතළ විදියට වර්ධනය වෙනවා.

    බස්නාහිර පළාතෙහි තිබෙන නොයෙකුත් සෞඛ්‍ය ප‍්‍රශ්න රටේ අනෙකුත් ප‍්‍රදේශවලත් තිබෙනවා. මේ ප‍්‍රදේශයෙත් ජල ගැටලුව ඉතා බරපතළයි. ඩෙංගු මදුරු ව්‍යාප්තිය පිළිබඳ ප‍්‍රශ්නය බරපතළයි. එහිදී අපි රජයේ වගකීම ඉටුකරනවා වගේම ජනතාවගේ පැත්තෙනුත් තමන්ගේ ප‍්‍රදේශ යහපත් ආකාරයට පවත්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය විසින් කරනු ලබන මගපෙන්වීම තුළ සිදුකිරීම ඉතාමත් අවශ්‍යයි.

    ගිය සතියේ සෙනසුරාදා උදේ වරුවේ සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය ඒකාබද්ධව සිදුකළ පුළුල් වැඩසටහනකදි මදුරු මර්දනය, පිරිසිදු කිරීම්, කැළි කසළ කළමනාකරණය කිරීමට මුළු රටම එකතු වුණා. සියලු රාජ්‍ය ආයතනවලට ඒ සඳහා සහභාගි වූ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් පොදු ජනතාව සෑම කෙනෙකුටම අපි ස්තූතිවන්ත වෙනවා තම තමන්ගේ ප‍්‍රදේශවල පිරිසිදු කිරීම් ඇතුළු එම කටයුතුවලට දැක්වූ ඉහළ සහයෝගය පිළිබඳව.

    මේ අපදා තත්ත්වයන් නියඟ තත්ත්වයන් ඒ තුළ ඇතිවන භාණ්ඩ ඉහළ යාම දේශපාලන ප‍්‍රශ්න ලෙස ආණ්ඩුවට විරුද්ධ අය බොහෝම තදින් කතා කරනවා. නමුත් ඒ කතා කරන අය ආණ්ඩු කරන කාලයෙත් මෙවැනි නියඟ, ගං වතුර, ස්වාභාවික උපද්‍රව තිබුණා. එය මේ කාලයට පමණක් සීමා වූ දෙයක් නොවේ. අපි සැමවිටම අවධානය යොමුකරන්නට ඕන මෙවැනි ප‍්‍රශ්න තිබෙන්නේ අපේ රටේ පමණක් නොවේ කියලා. අද ලෝකයේ රටවල් ගණනාවක මේ තත්ත්වයන් තිබෙනවා. මේ නිසා අපේ රට ගොඩගන්න මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරන්න ඒ වගේම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකරන්න අපි රජයක් විදියට ගෙනයන වැඩ වලට රටේ පොදු මහජනාවගෙන් ලැබෙන සහයෝගය අපි ඉතාමත් අගය කරනවා. අපිට ආණ්ඩුවක් විදියට මේ අවුරුදු දෙකහමාර තුළ කරපු දේවල් කියන්න කාලය මදි මේ වගේ රැස්වීමක, රාජිත සේනාරත්න මැතිතුමා බොහොම පැහැදිලිව සඳහන් කළා අද නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවෙන් අද නිදහස් කියන වචනයට නිසි අර්ථයක් ලබාදෙමින් සියල්ල නොමිලේ ලබාදෙමින් අපේ ආණ්ඩුව ගත්ත තීන්දු තීරණ පිළිබඳව.

    ඊයේ සවස මම සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ තිබුණ උත්සවයකට ගියා. එම උත්සවයට නිපුණතා අමාත්‍යාංශය මගින් දරුවන් ගෙනල්ලා ඒ අයගේ පුහුණුවිම් හා ඇගයීම් පිළිබඳ උත්සවයක් තිබුණා. මේ රටේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට වැඩිය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් පුහුණු කිරීම්වලට ලක්ෂයකට අධික තරුණ පිරිසක් ඇතුළත් වනවා වගේම පිටවෙනවා. මීට කළින් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් අමාත්‍යාංශවල පුහුණුවීම් තිබුණේ මාසිකව ගෙවීමක් කරන්න. ඒ ගෙවීම කරලයි ඇතුළත් වෙන්න ඕන.

    නමුත් අපේ රජය ආවට පස්සේ අපි ඒ ගෙවීම්වලින් නිදහස් කළා. නිදහස් අධ්‍යාපනයට ප‍්‍රාථමික විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල ඒ තිබුණ තත්වයම අපි නිපුණතා සංවර්ධනය සදහා ලක්ෂයකට වැඩි තරුණ පිරිස්වලට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්න තීරණය කළා. ඒ ආයතනවල ඉගෙන ගන්න දරුවන්ගේ සියයට පනහකට වැඩි පිරිසට විශාල වශයෙන් ලෝකයේ රැකියා තිබෙනවා. හොඳ ඉල්මලුුක් තිබෙනවා. ඒ නිසා අපි රටේ ආර්ථික සංවර්ධනය සඳහා ගන්නා වූ විවිධ ව්‍යාපෘති වගේම මේ රටේ උගතුන්, බුද්ධිමත් තරුණ පිරිස් සමග ලෝකය ජයග‍්‍රහණය කරන්න මේ රටේ නව පරපුර ජයග‍්‍රහණය කරන්නයි අපි හදන්නේ.

    අද ගම්වල තිබෙන රැකියා ප‍්‍රශ්නය ගත්විට මේ රටේ අද තිබෙන්නේ රැකියා හිඟයක්ද නැතිනම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නැතිකම ද කියන එක මූලික වශයෙන් අවධානයට යොමුකළ යුතුයි. අද මේ රටේ ප‍්‍රධාන වශයෙන් ගත්විට ලක්ෂ දෙකකට ආසන්න රැකියා පුරප්පාඩු තිබෙනවා. ඒ ලක්ෂ දෙකකට ආසන්න රැකියා පුරප්පාඩුවලදී අයදුම්පත් කැඳවූ විට ඒ අවශ්‍ය සුදුසුකම් පිළිබඳ ප‍්‍රශ්න තිබෙනවා. ඒකට හේතුව තමයි අපේ දීර්ඝ කාලීන අධ්‍යාපන ක‍්‍රමයේ ඇතිවුණ දුර්වලතා හා අඩුපාඩු නිසා වෘත්තිය අධ්‍යාපනයට, කුසලතා සංවර්ධනයට, නිපුණතා සංවර්ධනයට, අපි අපේ ආයතන බිහිකරලා තිබුණේ නැති එක. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි මේ රටේ තරුණ තරුණියන් ලක්ෂ 15ක ට වැඩි පිරිසක් අද විදේශ රටවල විශේෂයෙන්ම මැද පෙරදිග ගෘහ සේවිකාවන් වැනි ශ‍්‍රමය කැපකරන රැකියාවල නිරත වීම.

    මේ රටේ ජනගහණයෙන් ලක්ෂ 20ක් විතර විදේශයන්හි සිටිනවා. ඒ ලක්ෂ 20ක් පමණ ප‍්‍රමාණයෙන් ලක්ෂ 2ක් විතර පිරිසක් ඉන්නවා ඒ රටවල පුරවැසිභාවය ලබාගත්ත පිරිස. එතැනින් ලක්ෂ 02ක් විතර ඉන්නවා විද්වතුන්. අනෙක් සියලු දෙනා අද ඉන්නේ ශ‍්‍රමිකයින් විදියට. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. ලක්ෂ 15ක ට වැඩි ශ‍්‍රමිකයින් අපි සම්පූර්ණයෙන්ම නිපුණතා සංවර්ධනය තුළ මේ රටේ තරුණ පරපුර වඩාත් පිළිගත් ගෞරවනීය වෘත්තීන්වලට යොදවන්න ඕන. ඒ නිසා තමයි පාසල්වල විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනයට දීලා තිබෙන පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්න තීරණය කළේ.

    මම එදා සෞඛ්‍ය ඇමතිවරයා විදියට මේ රෝහල් ගොඩනැගිල්ලට මුල්ගල තබන විට මම සිහිනෙකින්වත් සිතුවේ නැහැ අනාගතයේදී ජනාධිපති ලෙස මෙම අවස්ථාවට එන්න ලැබෙයි කියලා. නමුත් ඒ භාග්‍ය මට ලබාදුන්නේ මේ රටේ ජනතාව. ඒ නිසා මගේ ජනතාව තැබූ ඒ විශ්වාසය කවදාවත් කඩකරන්නේ නැහැ. මම වඩාත් සතුටු වෙනවා මෙවැනි පුළුල් වැඩකටයුතු රාශියක් කරගෙන යන අතරවාරයේ ඔබ සමග එක්වන්න ලැබීම ගැන.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya