අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම්

    ජූනි 19, 2017

    ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන පළාත්වල සිටින ඉංජිනේරුවන් හා නිලධාරීන් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා තාවකාලිකව අනියුක්ත කරමින් වාරි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙකන් පුළුල්ව සාකච්ඡා කර වැඩපිළිවෙක් සකස්  කිරීමට පසුගියා දා රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය විය.

     

    මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඒ ඒ ප‍්‍රදේශවල මහජන නියෝජිතයින් හා ගොවි සංවිධාන ද අදාළ ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවයි.

     

    නිලධාරීන්, ඉංජිනේරුවන් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇති ශ‍්‍රම හිඟය වාරි ව්‍යාපෘතිවල ප‍්‍රමාදයට හේතු වී තිබෙන බව අනාවරණ තිබේ. පවතින අඩුපාඩු සඳහා පිළියම් යොදමින් වාරි ව්‍යාපෘති  ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතාද අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්‍ෂවරු, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගී වී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya