අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන නාවුක හමුදාපති අගමැති හමුවෙයි

    ජූනි 15, 2017

    ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරත පාකිස්ථාන නාවුක හමුදාපති අද්මිරාල් මොහොමඩ් ෂකාවුල්ලාහ් (Admiral Muhammad Zakaullah) මහතා ඊයේ (14) දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.



    පසුගිය දා ඇති වූ ගංවතුර ආපදාවේ දී පාකිස්ථානු රජය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළේය.

     

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින්නා වූ දිගු කාලීන මිත්‍රත්වය සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පාකිස්ථානයේ උසස් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    ආපදා අවස්ථාවන්හි දී මීටත් වඩා ඉතා සමීපව කටයුතු කිරීමේ අවකාශය උදා කර ගත යුතු බව පෙන්වා දුන් පාකිස්තාන නාවුක හමුදාපතිවරයා පාකිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථානයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි කළ ආරාධනය දැනුම් දුන්නේය.

     

    ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය සාමය සහ නිදහස් නාවුක ගමනාගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සැම විටම පෙනී සිටින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    අරලියගහ මන්දිරයේ පැවැති මෙම හමුවට ශ්‍රී ලංකා නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya