අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න - විදුලිබල අමාත්‍යංශය Featured

    ජූනි 11, 2017
    කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරන ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බැවින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    පසුගිය දින කිහිපය තුළ වැසි ලැබුණ ද ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගී කර ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ සිදුකරනු ලබන්නේ අඛණ්ඩ විදුලිය නිෂ්පාදනයක් පවත්වාගෙන යාම සඳහා බවත් පෙන්වා දෙයි.
     
    එබැවින් පාරිභෝගික ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරීම තුළින් මෙම ගැටළුවට මුහුණ දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට සූර්යබල සංග්‍රාමය යටතේ සූර්යබල පද්ධතියක් පූජා කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya