2016 වසරේ ඔක්තෝම්බර් වන විට රු.89/-ක් ව පැවති සීනි කිලෝවක් සඳහා වන නැව තෙක් වූ මිල (F.O.B Price) මේ වන විට රු.69/- දක්වා අඩු වී ඇත. ඒ අනුව ආනයනික සීනි මත පනවා ඇති රු.10 ක වැඩි කරන ලද බද්ද හේතුවෙන් සීනි සඳහා වන වෙළඳපොළ මිලෙහි කිසිදු බලපෑමක් ඇති නොවනු ඇත.
මේ අතර ආනයනික තෙත් මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.75/- සිට රු.50/- දක්වා රු.25කින් අඩු කර ඇත.
මේ දිනවල පවත්නා ආපදා තත්ත්වය මත මත්ස්‍ය නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් දේශීය පාරිභෝගිකයින්ට සහනයක් ලෙස මෙසේ තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25කින් අඩු කර තිබේ. ශ්‍රී ලංකාවට මසකට දළ වශයෙන් තෙත් මාළු මෙට්‍රික් ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි.