අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙමසක් තුළ දරුවන්ට ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කිරීමට පියවර

    ජූනි 07, 2017

    ඉදිරි මාස 03 තුළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ  පවසයි.

    බණ්ඩාරගම ගෝනදූව ග්‍රාමීය රෝහලේ තෙමහල් නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම  පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච ලබාදීම පිළිකා රෝගීන්ට ජිවිත කාලය පුරා ඖෂධ නොමිලේ ලබාදීම වැනි තීන්දු තීරණ වලින් ජනතාවට විශාල ප්‍රතිලාභ හිමි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් මෙි වනවිට ආරම්භ කර තිබෙන බව ද සඳහන් කළේය.

    දැනට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කරන අතර ඉන් පසු තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීම මහනුවර මහ රෝහලේ ආරම්භ කරන බව ඒ මහතා පැවසීය.

    දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන 5 ක් වැය වන අතර එවැනි මුදලක් අපේ රටේ දෙමාපියන්ට වැය  කිරීමට අපහසු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම උත්සවයට සමගාමීව ගැබිණි මාතාවන් සඳහා උපකරණ පරිත්‍යාග කිරීමක්, ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් පැලසිටුවීමෙි වැඩපිළිවෙළක් එහිදී සිදු  කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya