අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම දිගටම

    මැයි 27, 2017

    ගත වූ පැය 24ක කාලයේ දී වර්ෂාව අඩුවී ඇතත් ගංවතුර හේතුවෙන් කොටුවූ ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

    බේරාගැනීමේ කටයුතු සඳහා අද දිනයේ ද නාවික හමුදා යාත්‍රා සහ අමතර ධීවර බෝට්ටු යෙදා ගන්නා අතර නාවික හමුදාවේ හෙලිකොප්ටර් යානා හතරක් ද සේවය සඳහා එක්කර ඇතග ගංවතුර හේතුවෙන් යම් පුද්ගලයන් විපතට පත්ව තවදුරටත් අනාරක්ෂිතව සිටීනම් වහාම ජාතික ආපදාකළමනාකරණ ඒකකයේ හදිසි ඇමතුම් ඒකකයේ 117 අංකයට හෝ 0112 136136 සහ 0112136222 යන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
     
    ගංඟා ඉහළ පෙදෙස්වලට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර මේ වනවිට මුහුදුබඩ ප්‍රදේශවලට ගමන් කිරීම හේතුවෙන් කැලණි ගඟල කළු ගඟල ගිං ගඟ හා නිල්වලා ගඟ යන ගංඟාවන්හි මුහුදුබඩ ආසන්න ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවෙමින් පවතීග එබැවින් රජය ඉල්ලා සිටින්නේ එම ගංඟා අවට පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත හැකි ඉක්මණින් ඉවත්වන ලෙසයිග තම ප්‍රදේශවලට දැඩි වාර්ෂාවක් ඇති නොවුන ද ගඟ ආසන්නයේ රැඳී සිටීනම් ගංවතුර අවදානම ගංඟා අවට සියලු පුද්ගලයන්ට ඇත.

    නිල්වලා ගඟේ ගංවතුර පහළට ගමන් කිරීම හේතුවෙන් නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැමි මට්ටම දක්වා ම ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයිග තවදුරටත් ජල මට්ටම වැඩි වුවහොත් ගංවතුර බැමි ඉක්මවා ජලය ගමන් කිරීමෙන් මාතර නිල්වලා ගඟ අවට පදිංචිකරුවන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්විය හැකි බැවින් ඔවුන්ට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙස ද රජය ඉල්ලා සිටියි.
     
    ගිං ගඟේ ගංවතුර ද පහළ ප්‍රදේශයන් වෙත ගමන් කිරීම හේතුවෙන් වැලිවිටියල උනන්විටියල මාපලගම බද්දේගම ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත.
     
    ගංඟාවල ගංවතුර මට්ටම
    x    ඊයේ රාත්‍රී 9.30 වනවිට ගිං ගඟේ තවලම ජල මාපකයේ ජල මට්ටම සඳහන් වූයේ අඩි 37.73ක් ලෙසිනිග මධ්‍යම රාත්‍රී 12.00 වනවිට එම මට්ටම 35.36 දක්වා පහළ බැස ඇතග කෙසේ වෙතත් තවලම ජල මාපකය අනුව මහ ගංවතුර මට්ටම වනුයේ අඩි 20 කි.
     
    x    කළු ගඟේ ඇල්ලගාව ජල මාපකයේ ජල මට්ටම සඳහන් වූයේ මීටර 13ග52 ඉක්මවමිනි ලෙසිනි. එහි මහ ගංවතුර මට්ටම මීටර 12.2 කි. ඒ අනුව මහ ගංවතුර මට්ටම ඉක්මවා තිබිණි.
    x    නිල්වලා ගඟෙහි පනාදුගම ජල මාපකයේ ජල මට්ටම සඳහන් වූයේ මීටර 8.85 ඉක්මවා ගොස් තිබිණි. එහි මහ ගංවතුර මට්ටම මීටර 6ග5 කිග
    x    ඊයේ රාත්‍රී 9.30 වනවිට කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සඳහන් වූයේ මීටර 9.43 ක් ලෙසිනිග එය මධ්‍යම රාත්‍රී 12.00 වනවිට මීටර 9.42 දක්වා තරමක් පහළ බැස තිබිණිග එහි මහ ගංවතුර මට්ටම සඳහන් වන්නේ මීටර 10ක් ලෙසිනිග සුළු ගංවතුර මට්ටම මීටර 8.0 කි. ඒ අනුව එය සුළු ගංවතුර මට්ටම ඉක්මවා යාමකි.

    x    ඊයේ රාත්‍රී 9.30 වනවිට කළුගඟේ මිල්ලකන්ද ජලමාපකයේ ජල මට්ටම මීටර 12.76ක් ලෙස සටහන්ව තිබිණිග එය මධ්‍යම රාත්‍රී 12.00 වනවිට 12.84 දක්වා ඉහළ ගොස් ඇත. මෙහි මහා ගංවතුර මට්ටම මීටර 7.0 කි.

    x    ඊයේ රාත්‍රී 9.30 වනවිට කැලණි ගඟේ නාග ගංවීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 4.9ක් ලෙස සටහන්ව තිබූ අතර එය මධ්‍යම රාත්‍රී වනවිට 5ග3 දක්වා ඉහළ ගොස් තිබිණි. එහි මහා ගංවතුර මට්ටම අඩි 7.0 කි. සුළු ගංවතුර මට්ටම අඩි 5ග0 කි.  

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අද උදෑසන 5.30 දක්වා ගතවූ පැය 21 ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ රත්නපුරයෙනි. එය මිලිමීටර 68ග2කි. සබරගමු පළාතට තද වැසි වාර්තා වී ඇති බව ද එම වාර්තාවේ දක්නට ලැබේ. වැසි තත්ත්වයේ තරමක් අඩුවීමක් දක්නට ඇතත් දිවයිනේ නිරිත දිග පෙදෙස්වලට මෝසම් වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතී. බස්නාහිරල සබරගමුවල දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඉදිරි පැය 24ක කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. ඇතැම් ස්ථානවල මිලි මීටර 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර 50-60ක වේගයෙන් හමායන තද සුළං ඇතිවිය හැකි බව ද එය වැසිපවතින විට වඩාත් වේගවත් විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ආපදා හේතුවෙන් විපතට පත්වසිටින ජනතාවට ආධාර ලබාදෙන්නේ නම් එම ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ජාතික ආපදාකළමනාකරණ මධ්‍යස්ථාන විමසා නිසි සම්බන්ධීකරණයකින් යුතුව ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටියි. පානීය ජලයල වියළි ආහාර ද්‍රව්‍යල සනීපාරක්ෂක ද්‍රව්‍ය හා උපකරණල බෙහෙත් වර්ග, අලුත් තුවාල අලුත් ඇඳ ඇතිරිලි හා අලුත් ඇඳුම්ල සෙරෙප්පු ආදිය අවතැන් වූ හා විපතට පත්වූ වවුල් සඳහා අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
     
    නායගිය ස්ථාන හා ගංවතුර බැලීමටත් අපරික්ෂාකාරී ජලය පිරී ඇති මාර්ගවල හා පහත්බිම් ප්‍රදේශවල ගමන් කිරීමෙන් හැකිතරම් වැළකී සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya