මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් Featured

    මැයි 26, 2017
    නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    පසුගිය පැය 21ක් තුළ දී දකුණු සහ සබරගමුව පළාත්වලින් ඉතා තද වැසි වාර්තා වී ඇත. රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට මි.මී 196.7ක ඉතා තද වැසි වාර්තා වී ඇත.
     
    රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවෙමින් පවතී.
     
    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානයන්ට මි.මී 150ට වැඩි ඉතා තද වැසි බලාපොරොත්තු විය හැකිය.
     
    අනෙකුත් පළාත්වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
     
    දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක් දක්වා වන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍ර දේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya