මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

    මැයි 25, 2017

    2016 පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල  ඊයේ (24) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගය සඳහා අයඳුම්කරුවන් 143,724ක් පෙනී සිටි අතර විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන "www.doenets.lk" හෝ "www.results.exams.gov.lk" වෙත පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව ඒ මහතා සඳහන් කරයි.

    එම ප්‍රතිඵල ලේඛන ඊයේ දිනයේදීම  සියලුම පාසල් වෙත තැපැල් කර යවා ඇත.

    ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍යය වන්නේ නම් පහත දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකිය.

    දුරකථන අංක        : 0112784537 / 0112784208
                : 0113188350 / 0113140314
    ක්ෂණික ඇමතුම් අංකය    : 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya