අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු ආදායම ඉහළට

    මැයි 21, 2017

    බදු ආදායම ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙයි.

    දේශීය ආදායම් සේවා සංගමයේ 22 වැනි වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසගත වර්ධනයක් අත්කරගනිමින් තියෙන අවස්ථාවක මෙම සමුළුව පැවැත්වෙන බවත් 2015 දී 10.2%ක් වූ බදු ආදායම අද වන විට 15.3% දක්වා ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2012 වසරේ අපේ බදු ආදායම රුපියල් කෝටි 30500යි. 2013 අවුරුද්දෙ රුපියල් කෝටි 25500යි. 2014 අවුරුද්දෙ එම ආදායම රුපියල් කෝටි 36600යි. 2015 දී කෝටි 42100යි. 2016 දී 46600යි. 2017 අවුරුද්දේ අපේ ඉලක්කය වන්නේ රුපියල් කෝටි 60900ක් ලබා ගැනීමයි.
    වැට් බදු ප්‍රතිශතය 15%ක් කරන එක අපරාධයක් විදියට මං එදා දැක්කෙ. ඒක අසතුටෙන් අපි දැම්මෙ. මේ විදියට අපට ආදායම වැඩි කරල මේ අවුරුද්දෙ අග හරි ඊළග අවුරුද්දෙ මුල වෙද්දි වැට් බදු ප්‍රතිශතය 9%ට 10%ට අඩු කරන්න පුළුවන් එක තමයි ජනතාව වෙනුවෙන් කරන ලොකුම කැපවීම කියල මං මතක් කරන්න කැමැතියි. ඒ සඳහා අපි සූදානම්. නමුත් ණය අරගෙන මේක කරනව ද, ආදායම් වැඩි කරගෙන මේක දෙනව ද කියන එක තමයි කල්පනා කරල බලන්න ඕනෙ. ගෙවුනු අවුරුදු දෙක හමාරට අපි කොහොම ද ආදායම 50%කින් වැඩි කළේ? හැම එකකට ම බදු ගහල ද? නෑ. අපි ඒ සඳහා කළේ මෙතෙක් බදු නොගෙවූ පිරිසක් අද ශීලාචාරව බදු ගෙවන්න පටන් අරන් තියෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2012 වසරේ දි අපේ වැට් බදු ආදායම රුපියල් කෝටි 23000යි. 2013 දි කෝටි 25100යි. 2014දී එම ආදායම රුපියල් කෝටි 27500යි. 2015 දි ඒක කෝටි 22000යි. 2016 දී ආදායම රුපියල් කෝටි 28300යි. 2017 දී අපි අපේක්ෂා කරනවා රුපියල් කෝටි 38000ක වැට් බදු ආදායමක්. නමුත් මුල් මාස පහ තුළ අප ඉලක්ක කළ වැට් බදු ආදායම මාස තුනකින් ලබා ගැනීමට අපට හැකි වෙලා තියෙනවා කියල සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.


    ඒ මහතා ප්‍ර‍කාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය වන්නේ රටකට නැගී සිටීමට උපකාර කිරීම මිස, එහි ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම නොවන බවයි

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අන්තර්ජාතික සංවිධානවල උපදෙස් අවශ්‍ය නොමැති බවයි. ඒ සඳහා පවත්වාගෙන යා යුතු මූල්‍ය විනය සහ විනිවිධභාවය වත්මන් පාලනය තුළ ඇති බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

    මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya