මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකරන බව ජනපති පවසයි

    මැයි 19, 2017

    විවේචකයින් කුමක් පැවසුවද ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නා වූ වගකීම්වලදී ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, අද (19)පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

    වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා සේම රටේ අනාගතය සඳහා අද සේවයේ යෙදී සිටින ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් නව තාක්ෂණය සමඟ ඉහළ ගුණාත්මක සේවාවක් සඳහා ඉදිරියට ගෙන යාමේ වගකීම ද ඉටු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.

    ගෙවී ගිය වසර දෙක හමාරක කාලය තුළ රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය නව වැඩසටහන් රැසක් දියත් කළ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා රණවිරු නිවාස ලබාදීමේ වැඩපිළිවෙල විධිමත් සහ කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක් ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට කි‍්‍රයාත්මක කර තිබෙන බව ද කියා සිටියේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ පමණක් නොව මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු ජාතික වැඩසටහන්වලදී ද  සංවර්ධන වැඩපිළිවෙලේදී සහ සමාජ සුබසාධනයේ දී ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් ලබා දෙන දායකත්වය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගගන්වමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්,ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු සහ රණවිරු පවුල්වල සාමාජිකයින් මීට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    ඡායාරූප- යමුනි රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya