අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු උත්සවය නිසා හෙට විශේෂ රථවාහන සැලැස්මක් Featured

    මැයි 18, 2017
    2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 2.00 සිට පස්වරු 7.00දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඒ අනුව පොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන දක්වා ජපන් මිත්‍රත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය හා පැලවත්ත හන්දියේ සිට කියන්හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගයන්හි මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ. 
     
    මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කර මාර්ග තදබදය අවම කිරීමට සහය වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya