අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්‍ෂාවට ගිවිසුමක එළැඹේ

    මැයි 18, 2017
    ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී පහසුකම් සැපයීම (Merchant Vessel Protection Detachments - VPDs) පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා ආරක්‍ෂක අමාත්‍යංශයේ දී සිදුවිය. ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්‍ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරීම එම අවබෝධතා ගිවිසුම ප්‍රකාර සිදුවේ.
     
    මෙම අවබෝධතා ගිවිසුමේදී නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ‍ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය (Her Excellency Joanne Doornewaard) සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් විදේශීය රජයක් සමග සාමුද්‍රීය ආරක්‍ෂක රාජකාරි සඳහා පහසුකම් සැපයීම් සම්බන්ධයෙන් ගිවිසිමකට එළඹුන පළමු අවස්ථාව මෙයවේ.
     
    පසුගිය වසරේ කොළඹදී පැවති ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේදී (galle dailouge) නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රොබ් වර්කට් මහතා (Vice Admiral Rob Verkerk) විසින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත නෞකාවන්හි ආරක්‍ෂාව සපයමින් ගමන් කරන මැරීන් භටයන් ගාල්ල වරායේ ගොඩබැස්සවීමට සහ ඔවුන් සතු සැහැල්ලු අවි ආරක්‍ෂිතව ගබඩා කිරීමේ පහසුකම් (embarking/disembarking of Marine Commandos at Galle and storage of small arms) ලබාදෙන ලෙස කරන ලද ඉල්ලිමක ප්‍රථිපලයක් ලෙස දෙරට මෙම ද්විපාර්ශවිය ගිසුමට එළඹුණි.
     
    මෙයට අමතරව නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර නාවික පුහුණු හුවමාරු වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මකවේ.
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට දේශීය නියෝජිතයින් 25 දෙනෙකු හරහා විදේශ සමාගම් 90 කට පමණ සමුද්‍රිය ආරක්‍ෂක රාජකාරී සඳහා පහසුකම් සපයන අතර සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී පහසුකම් සැපයීම අන්තරාදායක මුහුදු කළාපයන්හි යාත්‍රා කරනු ලබන නෞකා සහ යාත්‍රාවන්ට අවශ්‍ය ආරක්‍ෂක පහසුකම් සැපයීමේ පුහුණුව, උපදෙස් සහ ආරක්‍ෂක සැලසුම් ලබා දෙන විශේෂ ආරක්‍ෂක කණ්ඩායමක් ලෙස ද හඳුන්වා දිය හැක.
     
    නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළුව නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya