මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනී දළදා සමිඳුන් වැඳපුදා ගනී

    මැයි 14, 2017

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි නේපාල ජනාධිපති බිද්‍යා දේවි බන්ඩාරී මහත්මිය එම උත්සවයට සහභාගිවීමට පෙර අද (14) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තාය.

    ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි බණ්ඩාරී මහත්මිය දියවඩන නිලමේ ප්‍ර‍දීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන කැඳවාගෙන යන ලදී.

     

    මෙම අවස්ථාවට විජේදාස රාජපක්ෂ, තලතා අතුකෝරළ යන ඇමැතිවරුද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහ මහ ඇමැති සරත් ඒකනායක සහ නියෝජ්‍ය ඇමැතිවරුන් වන දූෂ්මන්ත මිත්‍ර‍පාල සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya