මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරුවා පැමිණි මාවත ලෙයින්, දහදියෙන්, කඳුළින් ඉදිවූවක් - ජනපති

    මැයි 01, 2017

    මිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින් ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

    අදට යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එතුමා මේ බව සඳහන් කරන අතර එම සම්පූර්ණ පණ්වුඩය පහත සඳහන් වේ.


    "මැයි දින සුබපැතුම් පණිවුඩය

    මිනිස් ශ්‍ර‍මය විසින් ගොඩනැංවූ ශිෂ්ටාචාරයේ උපරි ව්‍යුහය, මිනිස් ශ්‍ර‍යේ අභිමානවත් උත්තුංගබව ඉදිරියේ දණ නැවූ ඵෙතිහාසික සංසිද්ධිය සිහිකරමින් සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙම පණිවුඩය නිකුත් කරනුයේ, මැයි දිනය සමරන ලොව පුරා සහෝදර කම්කරු ජනතාව වෙත ආචාරය ද පළ කරමිනි.

    මිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින් ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටියි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා විසින් මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍ර‍කාශයට පත් කළ තැන් සිට ශ්‍රී ලාංකික කම්කරු ජනතාවට දිනාගත් ජයග්‍ර‍ණ අවලෝකනයට ද මැයි දිනය නිමිත සපයයි.

    ඒ දිගුකාලීන අරගල මාවතෙන් පන්නරය ලැබ, නූතන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාර ව්‍යුහයේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කරන ජනතාව, ශ්‍රී ලංකාව වෙත ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දිනාගැනීමේ අරගලයේ ද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බව සිහිපත් කරනු කැමැත්තෙමි.

    රට තුළ සංහිඳියාව ස්ථාපනය කිරීමේ සහ ආර්ථික සමෘද්ධිය අත්කර ගැනීමේ අරගලය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගයන් ජයග්‍ර‍ණය කිරීම වෙනුවෙන් ද ලංකාවේ වැඩකරන ජනතාව වෙත පැවරී ඇති වගකීම අත්හළ නොහැකි එකකි. තම වෘත්තීය අයිතිය සහ වරප්‍ර‍සාද වඩාත් ශක්තිමත් කරන්නා අතර, රටේ සමස්ත වගකීම් සහගත සමාජ බලවේගයක් ලෙස වැඩකරන ජනතාව ක්‍රියාකරනු ඇතැයි මම විශ්වාස කරමි.

    1917 ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලය ජයග්‍ර‍ණය කොට වසර සියයක් සම්පූර්ණ වෙන මෙම වසරේදී සැමරෙන මැයි දිනය, වඩාත් ජවසම්පන්න අවේශයක් අප සැම වෙත ලබාදී ඇත. එම උණුසුම් ජවයෙන් අද මැයි දිනය සමරන ලොව පුරා වඩකරන ජනතාව සමඟ මම ද එක්වන අතර, ඈත අතීතයේ සිට මිනිස් නිදහස සහ කම්කරු අයිතිය වෙනුවෙන් දිවි දුන්, මොරදුන්, දහදිය කඳුළු දුන් ලොවපුරා සියලම කම්කරු හෝදරයින් වෙත ගෞරවාචාරය පළකරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya