අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මධ්‍යම අධිකාරියක්

    අප්‍රේල් 21, 2017

    මෙරට පවතින ඝන අපද්‍රව්‍ය ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් එහිදී එක් මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේය.

    විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව අද (21) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

     

    මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද දින ආරම්භ විය.

     

    එමෙන්ම පවතින  ගැටලු වලට සම්පූර්ණ විසඳම් ලබාදෙන තුරු සෑම සතියකට වරක් අගමැතිතුමා ප‍්‍රමුඛ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡුාවක් කැඳවීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.

     

    ඒ අනුව මෙම සාකච්ඡාව කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර පැවැත්වීමට ද තීරණය විය.

     

    මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, පාඨලි චම්පික රණවක, මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ඒ.එච්.එම් ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, මහත්වරුන් ද ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya