මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමුඛ කාර්යයන් ඉටුකිරීමට අධිෂ්ඨානශීලිව කටයුතු කරමු - අධ්‍යාපන ඇමැති

    අප්‍රේල් 19, 2017

    එළඹෙන ඉදිරි මාස කිහිපය තුළ ප්‍රමුඛතාව ලබා දිය යුතු කාර්යයන් කෙරේ අවධානය යොමු කරමින් ඒවා 2017 වර්ෂය අවසාන වීමට පෙර නිම කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් හා  අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු නිලධාරීන්ට සිහිපත් කළේය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සකස්කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පසුගියදා මේ බව සඳහන්  කළේය.

     

    ගුරු තුලනය ඇති කිරීම, පාසල් සිසුන් සඳහා නවීන ඩෙස් පුටු ලබාදීම, වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීම ඇතුළු කාර්යයන් කෙරේ ඉදිරියේ දී ප්‍රමුඛතාව ලබා දීමට එම අංශ භාර නිලධාරීන් කටයුතු කළ යුතු බව සිහිපත් කළ අමාත්‍යවරයා, විවිධ පාර්ශවවලින් විවිධාකාරයේ  විවේචන එල්ල වුව ද එම විවේචන ශක්තියක් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවට වැඩක් කරන අමාත්‍යාංශයක් බවට පත්කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයින්ගෙන් ලැබුණු සහයෝගය විශේෂ ඇගයීමට ලක් කළා.

     


    විවේචනවලට පිළිතුරු දිය යුත්තේ තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම මගින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවරුණු කාර්යයන් නිම කිරීමට කටයුතු කිරීමේ දී නිලධාරීන්ට ගැටලු මතුවන ඕනෑම අවස්ථාවක ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය සහය ලබාදීමට තමා සූදානම් බව ද කියා සිටියා.  

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya