අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීමට ජනපති එක් වෙයි Featured

    අප්‍රේල් 16, 2017

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල භූමියේ පැවති හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා එහි පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීම සඳහා ද එක් විය.

     
    ඓතිහාසික පූජනීය වැල්බෝධීරාජයාණන් වහන්සේ සුරක්ෂිත කොට ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කරනු වස් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි, ජයන්ති සිරිසේන මැතිණියගේ සහ  චතුරිකා සිරිසේන මහත්මියගේ දායකත්වයෙන් මෙම අභිනව රන්වැට ඉදිකර තිබේ. 


    බෝධින්වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා අනතුරුව අභිනව රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya