අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට නව තාක්ෂණය

    අප්‍රේල් 05, 2017

    දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සියලු ම පාඨමාලා අලුතින් යාවත්කාලීන කරන්නට ඉදිරියේ දී පියවර ගන්නා බවත්, කවර ක්ෂේත්‍රයක වුව ද, පෙරළිකාර වෙනස්වීම් සිදුකිරීම අභියෝගයක් වන නමුත් රටේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් එම අභියෝග ජයගන්නට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පරිගණක 80කින් සමන්විත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර  දෙකක් විවෘත කිරීම සහ මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නිල වශයෙන් ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජය සමයේ ව්‍යවසායකත්ව හා කළමනාකරණ පාඨමාලා කටයුතු වෙනුවෙන්  ආරම්භ කරන ලද මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය මෙතැන් සිට වෙනත් පාඨමාලාවන් සඳහා  ද ගුරුවරුන් පුහුණු කෙරෙන විද්‍යාපීඨයක් බවට පත් කර තිබේ.

     

    ඒ අනුව වර්තමානයේ මෙම විද්‍යාපීඨය මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නමින් හඳුන්වනු ලැබේ. ප්‍රාථමික අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, සහ තොරතුරු තාක්ෂණය  පාඨමාලා සඳහා ඉදිරියේ දී මෙම විද්‍යාපීඨයට ශික්ෂණලාභී‍න් බඳවාගැනීමට කටයුතු යොදා ඇත.  ඒ අනුව 2014 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨවලට බඳවා ගැනෙන ශික්ෂණලාභී‍න් අතරින් 160 දෙනෙක් මෙම විද්‍යාපීඨයට බඳවාගැනීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර, ජාතික විද්‍යාපීඨ කොමසාරිස් කේ. එම්. එච්. බණ්ඩාර, යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya