අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

    අප්‍රේල් 03, 2017

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

    බොහෝ ඖෂධ වල ජීව කාලය වසර 02 ක් පමණ වෙයි. ඇතැම් නික්ෂේපන වර්ග, නාසයට උරන ඖෂධවල ආයු කාලය මාස 12 සිට 18 පමණ වෙයි. මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල් ඉකුත් වන්නේ එක් ඖෂධයක් පමණි.

     

    එය නික්ෂේපන වර්ගයක් වන අතර පිළිකා රෝගයට ගන්නා ඖෂධයකි. මෙවන් ඖෂධවල ඉල්ලුම ගැන සැළසුම් කිරීම අපහසුය. නමුත් අප සංස්ථාවේ යුතුකම වන්නේ මෙවැනි ඖෂධවල තොඟ අඛණ්ඩව තබා ගැනීමයි. එසේම අනෙකුත් ඖෂධවල කල් ඉකුත්වීමෙි දිනයක් තිබුන ද එවා විකිණෙමින් පවතී.

     

    ඖෂධ වර්ග 48 ක මිල පාලනය කරන ලද අවස්ථාවට මුහුණදීමට හිඟයකින් තොරව ඖෂධ තොග පවත්වාගැනීමට අප සංස්ථාවට සිදු විය. මෙහිදී ඖෂධ සාමාන්‍ය සැළසුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ තොග තබාගැනීමට සිදු වූ බව ද කිව යුතුය.



    සෞඛ්‍ය, පෝෂණ  හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ සංස්ථාව වාර්ෂිකව මිලියන 6000 ක පමණ ඖෂධ ගෙන්වා රාජ්‍ය ඔසුසල හරහා මෙන්ම දිවයින පුරා බලයලත් බෙදාහරින්නන් වරලත් ඔසුසල හරහා උසස් තත්ත්වයේ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ඛෙදාහරින ආයතනයයි. අපගේ යුතුකම සියළු අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවශ්‍ය පමණ තබාගෙන මේ කර්තව්‍යය අසරණ රෝගීන්ට අතපසුවීමකින් තොරව ඉටු කිරිමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya