අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට එක් වන්නේ නැහැ

    මාර්තු 14, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ කිසිදු සංචාරයක නිරත නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි.



    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ නව නාලන්දා මහා විහාර විශ්වවිද්‍යාලයේ උත්සවයක් සඳහා සහභාගීවීමට නියමිත බවට පසුගිය සිකුරාදා  පුවත්පත පළකර තිබෙන වාර්තාව අසත්‍ය බවත්, එය කිසිදු අයුරකින් කරුණු තහවුරු කර නොගෙන වාර්තා කර ඇති බවත්, එබැවින් එම ප‍්‍රවෘත්තිය ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

     

    ඒ අනුව, ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය  සංචාරයකට සහභාගීවීමට නියමිතව නොමැති  බව  වැඩිදුරටත් දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya