මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ජනරජයේ විදේශ ඇමැති හෙට ශ්‍රී ලංකාවට

    මාර්තු 14, 2017

    ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය,  යුන් බියුන්ග්සෙ මහතා නිල සංචාරයක් සඳහා හෙට (15) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.



    ඒ මහතා පැමිණෙන 15 වැනි දිනම,  අමාත්‍ය යුන් මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිතය.

    වසර 31 කින්, කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකුගේ ප්‍රථම ශ්‍රි ලංකා සංචාරය මෙය වන්නේය. අවසන් වරට මෙවැනි සංචාරයක් සිදුවූයේ 1986 දී වන අතර, එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ලී වොන් කියුන්ග් මහතා ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරත විය.

    යුන් අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් දෙරට අතර පවතින උණුසුම් සබඳතා සහ ද්විපාර්ශවික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya