මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති තම ගම් පියසේ ජනතාව සමග Featured

    පෙබරවාරි 06, 2017

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ තම ගම් ප්‍රදේශය වන පොළොන්නරුව ලක්ෂඋයන ජනතාව හමුවෙමින් එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    තමා කුඩා අවධියේ හැදි වැඩුණු පැරණි නිවසට ගිය ජනාධිපතිතුමා ගෙවත්තේ ඇවිදිමින් ටික වේලාවක් නිදහසේ ගත කළ අතර අනතුරුව ප්‍රදේශවාසින් හමු වී ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළේය.

    තම සුවදුක් විමසීමට පැමිණි ආදරණීය රාජ්‍ය නායකයා මහත් සෙනෙහසින් යුතුව පිළිගත් එම ජනතාව සුහද කථා බහක නිරත විය.

    අනතුරුව ගම් පියසේ සිල්ලර කඩයට ද ගොඩවැදුණු ජනාධිපතිතුමා බඩු මිල ගණන් විමසමින් එහි සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    නිදහස් ඉරිදාවේ තම ජීවිතයේ මතක සැමරුම් සිහිපත් කරමින් නිදහසේ තම ගම් පියසේ ඇවිද ගිය ජනාධිපතිතුමා අනතුරුව ලක්ෂඋයන දුම්රිය ස්ථානය වෙත ද පැමිණි එහි ටික වේලාවක් රැදී සිටියේය.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya