එම සංශෝධනය අනුව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ 1 ශ්‍රේණියේ සිටින, පෙර සේවා ව්‍යවස්ථාව අනුව 2008.07.01 දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීමට සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.
එසේ සේවා සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 2008.07.01 දිනට 1 පන්තියට අන්තර්ග්‍රහණය කරන අනෙකුත් සියලු ම නිලධාරීන්ට වඩා පහළින් හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ වැටුප පමණක් ලබාගත හැකි වන පරිදි අන්තර්ග්‍රහණය කිරීමට ද මෙම සංශෝධනය මගින් පියවර ගෙන තිබේ. මීට අමතරව මෙම නිලධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ විදුහල්පතිවරුන් සඳහා වන කුසලතා/ සීමිත ධාරාවන් යටතේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන/ ගුරු අධ්‍යාපනඥ සේවයට උසස්වීම සඳහා සුදුසුකම් ලබන්නේ 2008.06.30 දිනට පැවති සේවා ව්‍යවස්ථාව යටතේ 1 ශ්‍රේණියට උසස්වීම සඳහා අවශ්‍ය සේවා කාලය ඇතුළු ව අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කළ දිනයේ සිට වන අතර වැටුප හැර අනෙකුත් ප්‍රතිලාභ ලබාගැනීමට 2008.06.30 දිනට පැවති සේවා ව්‍යවස්ථාව යටතේ 2 වන පන්තියේ 1 ශ්‍රේණියට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හෝ නව සේවා ව්‍යවස්ථාවේ සඳහන් දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද සමත්වීය යුතුයි.