විශේයෙන්ම පාරිභෝගික ජනතාවගෙන් සහ පොලීසියෙන් ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
ලියාපදිංචි නොවූ පුද්ගලයින් සහ ලියාපදිංචි වූ පුද්ගලයින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පාසල් දරුවන් ඉළක්ක කර ගනිමින් මදනමෝදක අලෙවි කිරීමෙි ජාවාරමක් සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය එළැඹුනේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විනි.
එහිදී වෛද්‍ය වට්ටෝරුවකින් තොරව මදනමෝදක මිලදී ගැනීම තහනම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ඒ.එචි තිලකරත්න මහතා පැවැසීය.
නුසුදුසු පුද්ගලයින් වෙත බලපත්‍ර නිකුත් කිරිම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ආයුර්වෙිද ව්‍යාජ බලපත්‍රය ද රටපුරා ඇති බව පෙන්වා දුන් ආයුර්වේ කොමසාරිස්වරයා නව වැඩපිළිවෙල තුළින් ව්‍යාජ බලපත්‍ර පිළිබදව සහ නව බලපත්‍රය පිළිබදව ජනතාව දැනුවත් කරන බව ද ප්‍රකාශ කරන ලදි.
පංචකර්ම සදහා බලපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තීරණය කර ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යාම නතර කිරිම සඳහාය. ආයුර්වේද දෙපාර්තමේන්තුව නිසි පරිදි බලපත්‍රය නිකුත් කළ යුතු බව පැවැසු සෞඛ්‍ය අමාත්‍යවරයා එවැනි ගණිකා නිවාස වැටලීම පොලීසිය සතු කාර්යභාරයක් බව ද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාශයේ සියලුම ලේකම්වරුන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.
පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව සදහා ඌව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර, උතුරු මැද යන පළාත්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.