නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදාගන්නන් අත්අඩංගුවට

    පෙබරවාරි 01, 2017
    මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතාකරන පුද්ගලයින් පමණක් නොව, ඔවුන්ට නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කරයි.
     
    මසුන් මැරීම සඳහා ඇතැම් පුද්ගලයින් බහුල ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගන්නා බව, ඊට විරුද්ධ ධීවර ප්‍රජාව විසින් අමාත්‍යාංශයට පැමිණිළි කර තිබේ. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව හා ජාතික වෙරළාරක්ෂක බලකාය ඇතුලු අදාල අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගෙන ඇතත්, තවමත් ඇතැම් පුද්ගලයින් මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබේ.
     
    එබැවින්, මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගන්නා ධීවරයින් අත්අඩංගුවට ගැනීමට නීතිමය පියවර ගන්න යැයි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළේය.
     
    අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ, පසුගියදා කන්තලේ 86 තොටුපොළේ දී පැවැති "වැවක් සමග ගමක්" ධීවර යටිතල පහසුකම් නැංවීමේ සංවර්ධන වැඩ සටහන අරඹමිනි. මෙහිදී කන්තලේ ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයින් 200කට  අවශ්‍ය ධීවර ආම්පන්න බෙදා දුන් අතර, 86 තොටුපොළ අවට මාර්ග, නිවාස ඇතුලු ධීවර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කරනු ලැබීය.
     
    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතුකරන ජනාධිපතිතුමාටත්, ආරක්ෂක ලේකම්තුමාටත් ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා මෙම ව්‍යසනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස යැයි ද, අමාත්‍යවරයා වැඩිදුරටත් කීය‍.
     
    මෙම අවස්ථාවට ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya