ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණදීමට සිදුවන අතර දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
රාති්ර කාලයේ සිය ප්රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බැවින් නියං තත්ත්වය පහව යන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ ගෙන යන වැඩපිළිවෙළට ලබාදෙන සහයෝගයක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙස ද සියලුදෙනාගෙන් ජනාධිපතිතුමා වැඩිදුරටත් ඉල්ලා සිටි.