දිවයිනේ පාසල්වල විශාල හිඟයක්ව පවතින බටහිර සංගීත ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් තරග විභාගයක් පැවැත් විය.
මෙම තරග විභාගය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත උපාධිධාරීන් ඇතුලු 365 දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර තිබිණි.
විභාගය අසමත් සහ ඉංග්‍රීසි අසමත් බටහිර සංගීත උපාධිධාරීන් විශාල පිරිසක් සිටින බැවින් ඔවුන් සඳහා යම් සහනදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුව ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ මැදිහත්වීම මත මෙම තරග විභාගයට මුහුණ දුන් සියලුම බටහිර සංගීත උපාධිධාරීන් බටහිර සංගීත විෂය සඳහා පත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.