යෝජිත අයවැය මගින් සමාජයේ සියලු ජන කොටස් වෙත පුළුල් සහන වැඩපිළිවෙළක් හඳුන්වාදිම රජයේ අරමුණ වි ඇති බවද අමාත්‍යවරයා කියා සිටියි. මේ වන විට අයවැය යෝජනා සඳහා ඇතුළත් කිරීමට ජනතාවගේ අදහස් ලැබෙමින් පවතින බවත් පෙන්වා දෙන රවි කරුණානායක මහතා එම අදහස් රටේ ඉදිරිගමනට ශක්තියක් වන බවද සඳහන් කරයි.
ජනතාවගෙන් ලැබී තිබෙන යෝජනා සලකා බැලිම වෙනු වෙන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා පැවැති විශේෂ සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
2016 අයවැය යෝජනාවලියට ඇතුලත් කිරිම සඳහා මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මේ වනවිට යෝජනා දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ. මෙම යෝජනා, පුද්ගලික වශයෙන් මෙන්ම ආයතන, සංවිධාන හා නිර්නාමික වශයෙන් යොමු කර ඇත.
අදාල යෝජනා මුදල් අමත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ පුර්ණ අධීක්ෂණයට ලක්ව තිබේ. ප්‍රධාන විෂය දහයක් යටතේ එම යෝජනා සලකා බලනු ඇත.
රැකියා උත්පාදනය හා ඒ ආශ්‍රිත ගැටලු, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය අංශය, කෘෂිකාර්මික, ආයෝජන ප්‍රවර්ධන හා කර්මාන්ත, අධ්‍යාපන හා සෞඛ්‍ය, සමාජ ජීවිතය ගොඩනැගීම, දිළිදු සහනාධාර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය මෙසේ අවධානයට ලක්වන විෂයයන් වේ.
2016 වසර සඳහා වන අයවැය යෝජනාව ලබන නොවැම්බර් මස 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.