නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර නැංගුරම්පොලවල් සඳහා කුඩා ශීතාගාර Featured

    ඔක්තෝබර් 17, 2015

    ගුණාත්මක බවින් ඉහළ මාළු මෙරට ජනතාවට ලබා දීම අරමුණ කරගනිමින් නැංගුරම් පලවල් වෙත කුඩා ශීතාගාර පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් දී ඇත.


    ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය පරිභෝජනය වැඩිකිරීමේ අරමුණින් මෙම ශීතාගාර පහසුකම් සැපයීම සිදු කරන බව ඒ මහතා පෙන්වා දුන් අතර ඒ අනුව උතුරු හා නැගෙනහිර දෙපළාතේ නැංගුරම්පලවල් වල මෙම ශීතාගාර පහසුකම් සැපයීමේ අවශ්‍යතාව මතු වී තිබෙන බව පෙන්වා දුන්නේය.

    මත්ස්‍ය අස්වැන්න නියමාකාරයෙන් කල්තබාගෙන පාරිභෝගිකයා අතට යැවීමේ ක්‍රමවේදයක් කුඩා ධීවර කාර්මිකයා සතුව නොමැති බැවින් ශීතාගාර ක්‍රමයක් වන Locker Cold Rooms ක්‍රමවේදය ප්‍රථම වතාවට ධීවර නැංගුරම්පලවල් හරහා කුඩා ධීවර කාර්මිකයන් යොදවා ගනිමින් ප්‍රචලිත කිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටි.

    නෙලාගන්නා මත්ස්‍ය සම්පත ගොඩබෑම හා සැකසීමේ ක්‍රියාවලිය මෙන්ම කල්පවත්වා ගැනීමේ පහසුකම් සඳහා ද මේ Locker Cold Rooms සංකල්පය සක්‍රීයව දායක කරගත හැකි බව ධීවර සමිති හා කරන ලද සාකච්ඡා වලදී අමාත්‍යාංශයට අවබෝධ වී ඇත.

    විශේෂයෙන්ම උතුරු නැගෙනහිර නැංගුරම්පලවල් සඳහා මෙය අනිවාර්යෙන්ම මෙය හඳුන්වා දිය යුතු බවට තීරණය කර තිබෙන අතර අස්වනු සුරක්ෂිතභාවයේ ගැටලුවට විසඳුමක් ලෙස මෙම Locker Cold Rooms සංකල්පය හඳුනාගෙන ඇත.


    මෙය යුරෝපා රටවල්හි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ධීවර වරායවල් වල බහුලව දක්නට ලැබෙන ඉතා ජනප්‍රිය සංකල්පයකි. මෙම සංකල්පය මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ අතර මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ විවිධ උෂ්ණත්ව වල විවිධ පරිමාණයන් අවශ්‍ය දින ගණනකට ගබඩා කර තැබීමට ඇති හැකියාවයි.

    උතුරු නැගෙනහිර මෙන්ම දකුණේ ද නැංගුරම්පලවල් වල අවශ්‍යතාවන් හා යාත්‍රා සංඛ්‍යාව අනුව මෙම ශීතාගාර පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම කෙරෙහි ද අමාත්‍යතුවරයාගේ අවධානය යොමු වී ඇත.

    මෙම ශීතාගාර ස්ථාපිත කිරීමත් සමඟ එම ප්‍රදේශවල තරුණයින්ට නව රැකියා අවස්ථා බිහිවන බවත් ඒ සඳහා ප්‍රජා මුලික කළමනාකරණ ක්‍රමවේදයක් ධීවර සමිති හා සාකච්ඡා කර ඉදිරියේදී හඳුන්වාදීමට ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ක්‍රියා කරමින් සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya