එයට සමඟාමීව පසුගිය දින කහිපය පුරා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානයන් හි දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විණි. ඒ අනුව වෙළදසැල්, ත්‍රී රෝද රථ රියදුරන්, බස් රථ රියදුරන් කොන්දෙස්තොර මහතුන් ඇතුළුව නාගරික ප්‍රජාව දැනුවත් කෙරිණි.
ඊයේ (17) උදෑසන සිට ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක දී මහජනතාව දැනුවත් කිරීම සිදුවන අතර එහිදී වීදි නාට්‍ය කිහිපයක්ද ප්‍රදර්ශනය කෙරිණි.
දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් දුවාදරුවන් 150කට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දේශන මාලාවක් ද ඊයේ දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරපියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමද සිදු විය.