ඊයේ (14) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවති සම්මාන උළෙලේ දී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය විසින් රිදී සම්මානය භාර ගත්තාය.
සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා තුනෙන් ම ප්රවෘත්ති වාර්තාකරණයේ නිරතවන රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන www.news.lk රිදී සම්මනායෙන් පිදුම් ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර 2015 හොඳම දෙමළ වෙබ් අඩවිය යටතේ www.news.lk ශ්රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියයේ දෙමළ භාෂා වෙබ් අඩවිය සඳහා කුසලතා සම්මානයක් හිමිකරගත් දෙවන අවස්ථාව ද වේ.
bestweb.lk කණ්ඩායම සංවිධානය කළ මෙම තරගය සඳහා වෙබ් අඩවි 600ක් පමණ සහභාගී වී තිබිණි. 2015 සමස්ත ජයග්රාහකයාට හිමි රන් සම්මානය දිනාගෙන ඇත්තේ www.masholdings.lk මාස්හෝල්ඩින් සමාගමේ වෙබ් අඩවිය විසිනි. 2015 රජයේ කාණ්ඩයේ රන් සම්මානය හිමිව ඇත්තේ www.parliament.lk ශ්රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියට යි.
SDF