එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතරදහස් හාරසිය අනූවක් ඡන්ද දායකයන් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. මන්ත්‍රී ධූර 225න් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධූර 196ක් සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර බාර දී තිබේ.
කොළඹට 19, ගම්පහ 18, කළුතර 10, මහනුවර 12, මාතලේ 05, නුවරඑළිය 08, ගාල්ල 10, මාතර 08, හම්බන්තොට 07, යාපනය 07, වන්නි 06, මඩකලපුව 05, දිගාමඩුල්ල 07, ත්‍රීකුණාමලය 04, කුරුණෑගල 15, පුත්තලම 08, අනුරාධපුර 09, පොලොන්නරුව 05, බදුල්ල 08, මොනරාගල 05, රත්නපුර 11 හා කෑගල්ල 09ක් ලෙස එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමට නියමිතය.
කොළඹ 792, ගම්පහ 588, කළුතර 286, කුරුණෑගල 468, පුත්තලම 264, මොනරාගල 96, බදුල්ල 165, ගාල්ල 221, මාතර 187, හම්බන්තොට 170, අනුරාධපුර 242, පොලොන්නරුව 88, රත්නපුර 280, කෑගල්ල 228, නුවරඑළිය 253, මහනුවර 360, මාතලේ 176, ත්‍රීකුණාමලය 147, මඩකලපුව 368, අම්පාර 310 , යාපනය 210 හා වන්නි 252ක් වශයෙන් 2015 මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයන් 6151 දෙනෙකු තරග වදිනු ඇත.
අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාර හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, පසුගිය ජුනි 26 වැනි දින මධ්‍යම රාත්‍රියෙ හි සිට බලපැවැත්වෙන පරිදි 07 වෙනි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු රැස්වන්නේ 08 වන පාර්ලිමේන්තුවයි. එය ලබන සැප්තැම්බර් මස 01 වැනි දින අභිනවයෙන් රැස්වීමට නියමිතය.
NDH