ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එක්සත් ජනපදය විසින් 2013 ජූලි මස 31 වැනි දින සිට ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද බදු ආපසු ගෙවන බව ය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මෙනෙවිය සඳහන් කළේ නැවත මෙම GSP + සහන පහසුකම් භුක්ති විඳීමට ලැබීම ශ්‍රී ලංකාවට විශාල සහනයක් බව යි.
රටවල් සහ කලාප 122 ක් සඳහා මෙම තීරු බදු සහනය බලපැවැත්වෙනු ඇත. මීට පෙර ක‍්‍රියාත්මක වූ ඇමෙරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය 2013 ජූලි 13 වැනිදා අවසන් විය.
ඒ අනුව දැන්, ජූලි 29 වැනිදා සිට 2017 දෙසැම්බර් 31 වැනිදා තෙක් ඒ යටතේ භාණ්ඩ 5,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමෙරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැක.
SDF