නව රජය බලයට පත් විමෙන් පසු 2015-01-23 වන දින අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැටුම හා ඊට මුල් වු සිදුවිම් පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා මෙම කමිටුව පත් කරන ලදී.
විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් හා විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක, විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරි නිතිඥ එස්. ගකේගලියනගේ යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.
පසුගිය මාස 05 තුළ අදාළ සිදු විම පිළිබඳව පුළුල් ලෙස පරික්ෂා කර බලා සිද්ධියට අදාළ සියලුම අංශවලින් සාක්ෂි සටහන් කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම කමිටු වාර්තාවේ ඇතුළත් නිර්දේශ හා තින්දු තීරණ පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක‍්‍රියා කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය ද සහභාගි වුවාය.
kpm