නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍ෂුද්‍ර ණය පාලනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් Featured

    ජූනි 10, 2015

    දින 100 වැඩසටහනෙහි තවත් පොරොන්දුවක් ඉටුකරමින් ක්‍ෂුද්‍ර ණය පාලනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමේ මූලික කටයුතු දැන් සිදු කෙරෙමින් පවතින බව අගාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

     

    ඊට අදාළ නීති කෙටුම්පත් සැළසුම දැන් "ක්‍ෂුද්‍ර ණය පනතේ කෙටුම්පත" යනුවෙන් ව්‍යාපෘති කළමණාකරණ විමර්ශන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ඇතුළත් කර ඇත.

     

    මේ කෙටුම්පත පිළිබඳව මහජන නිරීක්‍ෂණ, අදහස් හා යෝජනා ලබා ගැනීම රජයේ අපේක්‍ෂාවයි.

     

    යු. ජී. රත්නසිරි අතිරේක ලේකම්, සැලසුම් සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, යෞවන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ටයිම්ස් ගොඩනැගිල්ල, පළමු මහල, බ්‍රිස්ටල් වීදිය, කොළඹ01 ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය මගින් ද මහජන අදහස් යොමු කළ හැකිය.

     

    දුරකථන අංක 011 - 3010205 හා 077 - 7003849 ඔස්සේ ද මහජන අදහස් දැක්වීමට පහසුකම් සලසා තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya