නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හෙට ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමුවේ

    ජූනි 09, 2015

    ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා අලුතින් පත් වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩුආරිස් මහතා හෙට (10) හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවැත්වෙන භෝජන සංග්‍රහ හමුවක දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිත ය.

     

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා වන සභාව විසින් සංවිධානය කරන මෙම රැස්වීම, ශ්‍රී ලංකා ඒකාබද්ධ විධායකයන් හට නව තානාපතිවරයා දැන හඳුනාගැනීමටත් ඔහුට සිය සමාගම් හඳුන්වා දීමට සහ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අදහස් බෙදා හදා ගැනීමටත් අවස්ථාවක් සපයයි.

     

    මෙම නව පත්වීම භාරගන්නට ප්‍රථම මහ කොමසාරිස් ඩුආරිස් මහතා පේරු රාජ්‍යයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
     


    මහ කොමසාරිස්වරයා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධියක් ලබා සුදුසුකම් සපුරා ඇත.

     

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය සමඟ ව්‍යාපාරික කටයුතු සඳහා වන සභාව (CBB), ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ද්වි-ආකාරය වෙළඳාම හා රටවල් අතර සමගි ව්‍යාපාරික සබඳතාව පවත්වාගෙන යාම ප්‍රවර්ධනය කිරීම සිදු කෙරේ.

     

    ඉහත රැස්වීම සඳහා සහභාගි වීමට, 5588859 හෝ 2421745 යන දුරකතන අංක ඔස්සේ CBB ලේකම් කාර්යාලය ඇමතීමට හැකියාව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya