කතරගම බස්නායක නිලමේවරයා තෝරා පත්කරගැනීමේ නිලවරණයේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 11දෙනා ඇතුළු කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයන් වන අභිනවාරාමය, කිරිවෙහෙර, වැඩසිටිකන්ද සහ මහසෙන් විහාරය නියෝජනය කරමින් ගිහි භාරකරුවන් ද, කතරගම දේවාලයේ මේ වන විට වැඩබලන බස්නායක නිලමේවරයා සහ මොණරාගල බිබිල මැදගම කොටබෝව දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ.
ඒ අනුව එදින පැවැත්වෙන නිලවරණයෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන අතර එදිනට පසුදිනක දී කොළඹ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අතින් පත්වීම් ලිපිය භාරදෙනු ඇත.
මේ වන විට ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු කරයි.
DB